This site is still developing day by day... please tolerate our valuable project...
මෙම පිටුවෙන් ඔබට තාක්ෂණවේදය විෂය ධාරාව පිළිබඳ වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කෙරේ...
පහත කරුණු සාමාන්‍ය පෙළ විභාගය ලියා උසස් පෙළ හැදෑරීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ට වැදගත් වේ.
එමෙන්ම වෙනත් විෂය ධාරාවන් ඔස්සේ පළමු වර / දෙවන වර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට කිසියම් හේතුවක් මත තෙවන වර තාක්ෂණවේදය හැදෑරීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ටද, රැකියාවල නියුතු උසස් පෙළ සුදුසුකම් සපුරාගැනීමට අවශ්‍ය, ඒ සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන දරු දැරියන්ටද වැදගත් වනු ඇත.
පහත වැදගත් කරුණු ඔබ මෙන්ම ඔබේ දෙමාපියන්ටද කියවීමට ලබා දෙන්න.
ශ්‍රී ලංකාව තුළ බිඳවැටුණු නිෂ්පාදන ආර්ථිකය යලි නගා සිටුවීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියකි.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ 2013 වර්ෂයේ ආරම්භ කරන ලදි
විරැකියාව වැඩි කරන එකම විෂය ධාරාව යටතේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවට පවතින රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන තාක්ෂණවේදීන් බිහි කිරීම.
එදිනෙදා ජිවිතයට ප්‍රයෝජනවත්වන තාක්ෂණික කුසලතා සිසුන්ට ලබා දීම.
තාත්ත්වික ලෝකයේ ගැටළුවලට තාක්ෂණික විසදුම් සෙවිමේ හැකියා සිසුන් තුළ වර්ධනය කිරීම.
ශ්‍රම වෙළඳපොලට ගැළපෙන කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම.
ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවට අනුව වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කිරීම සඳහා පෙරමඟ සලසා දීම.
අ.පො.ස.(සා.පෙළ) මාධ්‍ය භාෂාව හා ගණිතය, විද්‍යාව ඇතුළු හර විෂයන් 06 කින් සමත්විය යුතු අතර ඉන් අවම වශයෙන් විෂයන් 3 කට සම්මාන ලබා තිබිය යුතුය.
අනිවාර්යයයෙන් ගණිතය සහ විද්‍යාව සමත්වී තිබිය යුතුය. සමහර පාසල්වල ඉල්ලුම සහ ඉඩ පහසුකම් අනුව මෙම සුදුසුකම B හෝ A පවා විය හැක.
විවිධ පාසල් වල සිසුන් ඇතුලත් කර ගන්නා නීති රීති වෙනස්විය හැක. සමහර පාසල්වල ගණිතය විද්‍යාව අසමත් වුව ද ඊළඟ වතාවේ සමත් කර පෙනවීමේ පොරොන්දුව මත පාසලට බඳවා ගන්නා බව අප විසින් නිරීක්ෂණය කර ඇත.
එය නිසි පරිදි සම්පූර්ණ කර දීම ඔබගේ යුතුකමක් වන අතර නැතහොත් ඔබව පාසලෙන් ඉවත් කිරීමට පවා සිදුවිය හැකි බව මතක තබා ගන්න. එසේ ඉවත් නොකළද පාසල මඟින් උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කිරීමේදී ඔබට ඉල්ලුම් කිරීමට නොහැකි වන අතර පෞද්ගලිකව ඉල්ලුම් කිරීමට සිදුවේ.
කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථීඵල සහ උසස් පෙළ විභාගය අතර සෘජු සබඳතාවක් නොමැති බව මතක තබා ගන්න. ප්‍රථිපල ලැබෙනුයේ ඔබ වැඩ කරන තරමට පමණක් බව මතක තබා ගන්න.
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා අ.පො.ස. උසස් පෙළ විභාග නියමයන්ට අනුව සාමාන්‍ය පරිදි විෂයන් 3ක් තොරා ගත යුතුය
තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයය ඔබගේ අනිවාර්යෙන් හැදෑරිය යුතු විෂයය වේ.
ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
තෙවන විෂය වශයෙන් විෂයන් 11ක් ඇතුළත් වන අතර ඉන් එක් විෂයක් තෝරා ගත යුතුය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
කෘෂි විද්‍යාව
ආර්ථික විද්‍යාව
භූගෝල විද්‍යාව
ගෘහ ආර්ථික විද්‍යාව
ඉංග්‍රීසි
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
චිත්‍ර කලාව
ගිණුම්කරණය
ව්‍යාපාර අධ්‍යයනය
ගණිතය
ඉහත ආකාරයට විෂයයන් තෝරාගත යුතු අතර සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය යන විභාග වලටද අනිවාර්යයයෙන් මුහුණ දීමට සිදුවේ.
පාසල් ශිෂ්‍යයෙක් නම් සාමාන්‍ය තොරතුරු තාක්ෂණය යන විෂයය හදාරා උසස් පෙළ විභාගයට පරිබාහිරව එම විභාගයට මුහුණ දීමට සිදුවේ.
සෑම ප්‍රශ්න පත්‍රයක්ම කොටස් 2කින් සමන්විත වේ
පළමු ප්‍රශ්න පත්‍රය බහුවරණ ක්‍රමයට පැවැත්වේ. තෝරා ගැනීමට පිළිතුරු 5කි.
දෙවන ප්‍රශ්න පත්‍රය ව්‍යූහගත රචනා සහ රචනා යනුවෙන් කොටස් 2කි. ප්‍රශ්න තෝරාගැනීම විභාග අනුව වෙනස් වේ.
තාක්ෂණවේදය හදාරන සිසුන්ගේ අනිවාර්යය විෂයය මෙය වේ.
ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය යන ප්‍රධාන ක්ෂේත්‍ර 5න් සමන්විත වේ.
ක්ෂේත්‍ර වල බර තැබීම් පහත පරිදි වේ
ගණිතය 27% ආසන්න වශයෙන් (බහුවරණ සහ රචනා ප්‍රශ්න පමණක් ඇත)
භෞතික විද්‍යාව 27% ආසන්න වශයෙන් (ප්‍රශ්න පත්‍රයේ සියලුම කොටස් වල ප්‍රශ්න ඇත)
රසායන විද්‍යාව 27% ආසන්න වශයෙන් (ප්‍රශ්න පත්‍රයේ සියලුම කොටස් වල ප්‍රශ්න ඇත)
ජීව විද්‍යාව 10% (බහුවරණ සහ ව්‍යූහගත රචනා කොටස් වල ප්‍රශ්න ඇත)
තොරතුරු තාක්ෂණය 10% (බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පමණක් ප්‍රශ්න 10ක් ඇත)
එකතුව 100%
මෙහි ප්‍රශ්න පත්‍ර ව්‍යූහය පහත පරිදි වේ.
1 පත්‍රය - බහුවරණ ප්‍රශ්න පත්‍රය
ප්‍රශ්න 50කින් සමන්විත වේ. කාලය පැය 2කි.
තෝරාගැනීම සඳහා පිළීතුරු 5ක් ඇත
සමස්ත ප්රශ්නපත්රයෙන් ලකුණු 50ක් හිමිවේ.
2 පත්‍රය
A කොටස - ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍රය
මෙහි ප්‍රශ්න 4ක් ඇති අතර ප්රශ්නපත්රයේම පිළිතුරු සැපයිය යුතුය.
ප්‍රායෝගික සහ ක්ෂණික දැනුම උරගා බලනු ලැබේ
එක් ප්‍රශ්නයකට ලකුණු 100 බැගින් මුළු ලකුණු 400 කි (මුළු ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 05x4=20)
BCD කොටස් - රචනා ප්‍රශ්න
රචනා ප්‍රශ්න 6කින් සමන්විත වේ.
BCD කොටස් වලින් එක් කොටසකින් අනිවාර්යයෙන් ප්‍රශ්න 1 බැඟින් තෝරමින් ඕනෑම ප්‍රශ්න 4කට පිළිතුරු සැපයිය හැක. එනම් එක් කොටසකින් හෝ ප්‍රශ්න 2ටම පිළිතුරු සැපයිය යුතුය.
ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර වලින් සමන්විත වේ.
ලකුණු 150 x 4 = 600 (මුළු පුශ්න පත්‍රයෙන් ලකුණු 7.5x4=30)
සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය, විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය සහ යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදය යන ප්‍රධාන ක්ෂේත්‍ර 3න් සමන්විත වේ.
සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය පහත කොටස් යටතේ විහිදී ඇත.
ගොඩනැඟිලි තාක්ෂණවේදය
බිම් මැනුම්
යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදය පහත ආකාරයට විහිදේ.
ස්වයංචල (මෝටර් රථ තාක්ෂණය පිළිබඳ) තාක්ෂණවේදය
නිෂ්පාදන තාක්ෂණවේදය
විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය පහත විෂයයන් ලෙස බෙදේ
විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය
විද්‍යුත් (ඉලෙක්ට්‍රොනික) ඉංජිනේරු තාක්ෂණවේදය
ක්ෂේත්‍ර වල බර තැබීම් පහත පරිදි වේ
ප්‍රධාන ක්ෂේත්‍ර 3 ට බොහෝ දුරට සමානව බර තැබීම සිදුවේ
මෙහි ප්‍රශ්න පත්‍ර ව්‍යූහය පහත පරිදි වේ.
1 පත්‍රය - බහුවරණ ප්‍රශ්න පත්‍රය
ප්‍රශ්න 50කින් සමන්විත වේ. කාලය පැය 2කි.
තෝරාගැනීම සඳහා පිළීතුරු 5ක් ඇත. එක් ප්‍රශ්නයකට ලකුණු 0.7
සමස්ත ප්රශ්නපත්රයෙන් ලකුණු 35ක් හිමිවේ.
2 පත්‍රය
A කොටස - ව්‍යූහගත රචනා ප්‍රශ්න පත්‍රය
මෙහි ප්‍රශ්න 4ක් ඇති අතර ප්රශ්නපත්රයේම පිළිතුරු සැපයිය යුතුය.
ප්‍රායෝගික සහ ක්ෂණික දැනුම උරගා බලනු ලැබේ
එක් ප්‍රශ්නයකට ලකුණු 75 බැගින් මුළු ලකුණු 300 කි (මුළු ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 3.75x4=15)
BCD කොටස් - රචනා ප්‍රශ්න
රචනා ප්‍රශ්න 6කින් සමන්විත වේ.
BCD කොටස් වලින් එක් කොටසකින් අනිවාර්යයෙන් ප්‍රශ්න 1 බැඟින් තෝරමින් ඕනෑම ප්‍රශ්න 4කට පිළිතුරු සැපයිය හැක. එනම් එක් කොටසකින් හෝ ප්‍රශ්න 2ටම පිළිතුරු සැපයිය යුතුය.
සිවිල්, විදුලි සහ යාන්ත්‍රික යන ක්ෂේත්‍ර වලින් සමන්විත වේ.
ලකුණු 100 x 4 = 400 (මුළු පුශ්න පත්‍රයෙන් ලකුණු 5x4=20)
ප්‍රායෝගික පරීක්ෂණය
වැදගත්ම පරීක්ෂණය මෙය වේ. මෙම පරීක්ෂණය උසස් පෙළ විභාගයෙන් මසකට පමණ පසු පැවැත්වේ.
මේ සඳහා සම්පූර්ණ ප්රශ්නපත්රයෙන් ලකුණු 30ක් හිමි වේ. මෙම විභාගයට නොපැමිණියහොත් විභාගයට නොපැමිණි ලෙස සලකා ප්‍රථිපල අත්හිටවනු ලැබේ.
ප්‍රායෝගික පරීක්ෂණ ව්‍යූහය පහත පරිදි වේ.
මේ සඳහා සුදුසු ඇඳුමකින් සැරසී පැමිණිය හැක.
සිවිල් විදුලි හා යාන්ත්‍රික අංශ ඔස්සේ පැය 3ක් පැවැත්වේ. එක් අංශයකට පැයක් ලැබේ
ඉන්පසුව පහත අංශ වලට පැය භාගය බැගින් පරීක්ෂණ පැවැත්වේ
සිවිල් ඉංජිනේරු තාක්ෂණවේදය
ගොඩනැඟිලි තාක්ෂණවේදය
බිම් මැනුම්
යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණවේදය
ස්වයංචල (මෝටර් රථ තාක්ෂණය පිළිබඳ) තාක්ෂණවේදය
නිෂ්පාදන තාක්ෂණවේදය
විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය
විදුලි ඉංජිනේරු තාක්ෂණවේදය
විද්‍යුත් (ඉලෙක්ට්‍රොනික) ඉංජිනේරු තාක්ෂණවේදය
සෑම කොටසකටම ලකුණු 5 බැගින් 5x6=30.
ජෛව පද්ධති ඉංජිනේරු විද්‍යාවේ මූලධර්ම සහ තෝරා ගත් ප්‍රායෝගික කොටස් එක්කර සාදා ඇත.
මෙහි ප්‍රධාන විෂය පථ පහත පරිදි වේ.
කෘෂි ඉංජිනේරු විද්‍යාව (යන්ත්‍ර සූත්‍ර,වාරි ඉංජිනේරු විද්‍යාව , පසු අස්වනු තාක්ෂය හා බෝග නිෂ්පාදනය )
පාරිසරික ඉංජිනේරු විද්‍යාව
ජලය , ජල කළමනාකරණය , ජලයේ ගුණාත්මය, අප ජල කළමනාකරණය සහ ජල පවිත්‍රණය
ජෛව ප්‍රතිකර්මණය
ආහාර තාක්ෂණය, ආහාර සුරක්ෂිතතාව සහ ආහාර සැකසීම ආදිය ඇතුලු බොහෝ දෑ ඇතුලත් වේ.
ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පහත පරිදි වේ.
1 පත්‍රය - බහුවරණ
ප්‍රශ්න 50න් සමන්විතය . මෙහි සියලුම ප්‍රශ්න වලට සපයා ඇති කොටු කොලයේ පිළිතුරු ලකුණු කල යුතුය. එක් එක් ප්‍රශ්නයක වරණ පහක් බැගින් ඇති අතර වඩාත් නිවැරැදි වරණය තේරිය යුතුය.
0.7×50 = 35
II පත්‍රය - i කොටස - ව්‍යූහගත රචනා
ව්‍යුහගත රචනා ප්‍රශ්න හතරකින් සමන්විතය . ප්‍රශ්න පත්‍රයේ දී ඇති ඉඩ තුල පිළිතුරු සැපයිය යුතුය .එක් ප්‍රශ්නයකට ලකුණු 75ක් හිමි වේ.
75×4 = 300
II පත්‍රය - ii කොටස - රචනා
රචනා ප්‍රශ්න 6න් යුක්ත අතර ඉන් තෝරා ගත් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සැපයිය යුතුය. සෑම ප්‍රශ්නයකම a,b,c ලෙස කොටස් තුනකින් යුක්ත ය.
a- 100
b- 100
c- 100
මෙලෙස එක් රචනා ප්‍රශ්නයකට ලකුණු 300 හිමි වේ. තෝරා ගත් ප්රශ්නයේ කොටස් තුනටම පිළිතුරු සැපයිය යුතුය .එක් ප්‍රශ්නකට 300න් ලබා ගත් ලකුණු 100ට පරිවර්තනය කෙරේ.
100×4= 400
ඒ අනුව 2 පත්‍රයේ මුලු ලකුණු (300+400) = 700/20 = 35
සමස්ත සාමාර්ථය සදහා ලිඛිත පරීක්ෂණයෙන් ලකුණු 70ක් ද, ප්‍රායෝගික පරීක්ෂණයෙන් ලකුණු 30ද දායක වේ.
ප්‍රායෝගික පරීක්ෂණය පහත පරිදි වේ.
ස්ථානීය පරීක්ෂණය Spot test (ලකුණු 15) පැය 01 මෙහිදී තබා ඇති විවිධ ද්‍රව්‍ය උපකරණ හඳුනාගැනීම සිදුකළ යුතුය
B1 පරීක්ෂණය (ලකුණු 7.5) විනාඩි 30 විෂයයට අදාළ ඕනෑම අහඹු පරීක්ෂණයක්
B2 පරීක්ෂණය (ලකුණු 7.5) විනාඩි 30 විෂයයට අදාළ ඕනෑම අහඹු පරීක්ෂණයක්
එකතුව 30
හැදින්වීම
ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය යටතේ හන්දෙස්ස ක්‍රමයෙන් පටන් ගත් තාකෂණික අධ්‍යාපනය එක් එක් යුගවල දී සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විෂය ප්‍රතිපත්තිවලට ද අනුව විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් ක්‍රමයෙන් දියුණුවට පත් විය. මේ අනුව විෂය සන්ධාරය පමණක් නොව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය පවා කාලීන අවශ්‍යතා මත ගැළපෙන ක්‍රමවලට සකස් කිරීම සිදු කර ඇත.
• ලී වැඩ හා පෙදරේරු ශිල්පය එක්ව ඉදිකිරීම් තාකෂණය යනුවෙන් ද
• ලෝහ වැඩ හා මෝටර් යාන්ත්‍රික ශිල්පය එක්ව යාන්ත්‍රික තාකෂණය යනුවෙන් ද
• ගුවන් විදුලි ශිල්පය හා විදුලිය හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව එක්ව විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාකෂණය යනුවෙන් ද
හඳුන්වනු ලැබූ සමෝධානය කළ විෂයයන් තුනක් 1996 දී පාසල් පද්ධතියේ ක්‍රියාත්මක කිරීම සදහා සකස් කරන ලදී. 2007 වර්ෂයේ දී සිදු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ විෂයයන් කිහිපයක සංකලනයෙන් කාලීන ව හදුනාගත් අවශ්‍යතා මත විෂය සන්ධාරය පමණක් නොව ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය පවා වෙනස් මගක් ගත් නිර්මාණකරණය හා තාකෂණවේදය යන පොදු විෂයය ඉදිරිපත් කර පාසල් දරුවන්ගේ දකෂතා මතුකර ගැනීමට අවස්ථාව ලබා දීම සිදු විය. ඒ අතර ම නිර්මාණශීලී චින්තනය වර්ධනය කිරීමටත්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් වර්ධනය කිරීමටත්, පියවර ගත හැකි වන සේ එම
විෂය නිර්දේශය හා මූලාශ්‍ර ද්‍රව්‍ය සැලසුම් කර ඉදිරිපත් කරන ලදී. නිර්මාණකරණය හා තාකෂණවේදය යන විෂයය පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදව අවස්ථා කිහිපයක දී සමීකෂණයට ලක් කරන ලද අතර ලබා ගත් තොරතුරුවලට අනුව පාසල් දරුවන්ගේ දකෂතා විවිධ තාකෂණික ෙකෂ්ත්‍ර ඔස්සේ මතු කර ගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව ලබා දීම අවශ්‍ය බව පෙනී ගිය නිසා නැවත විෂයය නවීකරණය කිරීම සිදු කර ඇත.
තව ද 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කරන ප්‍රායෝගික හා තාකෂණික කුසලතා යන විෂයයේ හරය තවදුරටත් සිසුනට තහවුරු වන සේ ද, 2013 සිට අ.පො.ස උසස් පෙළට ක්‍රියාත්මක කිරීමට නියමිත තාකෂණික විෂය ධාරාවේ තාකෂණික විෂයයට පුර්වගාමී විෂයක් ලෙස ද මෙම සංශෝධිත විෂයන්ගෙන් පිටිවහලක් ලැඛෙනු ඇතැයි අපේක්ෂාව වේ. මේ අනුව අලූතින් විෂයන් තුනක් සංවිධානය කර ඇත. එම විෂයන්
• නිර්මාණකරණය සහ ඉදිකිරීම් තාකෂණවේදය
• නිර්මාණකරණය සහ යාන්ත්‍රික තාකෂණවේදය
• නිර්මාණකරණය, විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාකෂණවේදය ලෙස නම් කර ඇත.
මෙම නව විෂයන් සැලසුම් කිරීමේ දී නූතන සමාජයේ අවශ්‍යතාවන්ට ගැළපෙන සේ තාකෂණ ෙකෂ්ත්‍රය හා සම්බන්ධ ද්‍රව්‍ය, උපකරණ, ක්‍රියාකාරකම් පිළිබද ව අවධානය යොමු කර පංති කාමරයට ගැළපෙන අන්දමට විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මෙම විෂයයන්හි ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය නිර්මාණකරණ ක්‍රියාවලියට අනුව අදාළ කර ගත හැකි වන සේ ඉදිරිපත් කරන බැවින් පංති කාමරයේ දී ශිෂ්‍යයන්ගේ නිර්මාණශීලිත්වය තෝරා ගත් තාකෂණික ෙකෂ්ත්‍රය ඔස්සේ උපරිම ඵල ප්‍රයෝජන ලැඛෙන සේ සිසුන් ව යොමු කිරීම තාකෂණික විෂය භාරව කටයුතු කරන ගුරු භවතුන්ගේ වගකීම වේ. මේ නිසා ගුරුභවතා ද කාලීන තොරතුරුවලින් යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය වන අතර විෂයයේ අරමුණුවලට අනුව රටට ඵලදායී දරු පරපුරක් බිහි කිරීමට උපරිම ලෙස දායක වනු ඇතැයි අපේක්ෂාව වේ. පාසල් අධ්‍යාපනයෙන් පසු සිසු දරුවන්ට රැක ියා ලෝකයට පිවිසිය හැකි තාක්ෂණික පාඨමාලා හැදෑරීමට ඇති අවස්ථා දැන් බහුල ය. මේ ස`දහා රජයේ පරිපාලනය යටතේ ක්‍රියාත්මක වන තාක්ෂණික විද්‍යාල, කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ වූ තාක්ෂණ පුහුණු මධ්‍යස්ථාන හරහා පාඨමාලා හදාරා ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා ගැනීමටත් ඉන් අනතුරුව ක්‍රමයෙන් භඪූ ඉහළ මටටම් ලබා ගනිමින් තාක්ෂණික උපාධිය ලබා ගැනීම මගින් තමාගේ වටිනාකම ඉහළ නංවා ගෙන වෘත්තීය ගරුත්වය රැකෙන සේ සේවාවක් කළ හැකි වේ.
තක්සේරුව හා ඇගයීම
පාසලේ ශිෂ්‍යයෙකු අධ්‍යාපනය ලබන අතර දී එ් වන විට ඔහු විෂය හා සම්බන්ධයෙන් ලබා ගෙන ඇති සාධන මට්ටම තීරණය කිරීමටත්, දරුවාගේ දුර්වලතා හදුනා ගෙන අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබා දීමටත් තක්සේරු කිරීම හා ඇගයීම් කිරීම අවශ්‍ය වේ. තක්සේරු කිරීම විටින් විට කළ හැකි අතර ඒ අනුව ශිෂ්‍යයාගේ සාධන මට්ටම වර්ධනය කිරීම තුළින් ඔහුට ඉහළ ප්රවීණතාවක් ලබා ගැනීමට අවස්ථාව ලැඛෙනු ඇත. අවස්ථාව ලැඛෙන පරිදි පාසල් වාරයක් තුළ අවස්ථා කිහිපයක දී තක්සේරු කිරීම වඩාත් සුදුසු වේ. තක්සේරුකරණය කර සෑම ශිෂ්‍යයාට ම සාධාරණ පිළ ිගත හැකි සංකේතයක් ලබා දීම කළ යුතු අතර ඒ ස`දහා පොදු නිර්ණායක කට්ටලයක් සකස් කර ගෙන භාවිත කිරීම ඉතා වැදගත් වේ. තක්සේරු කිරීම ස`දහා පාසල පදනම් කර ගත් ඇගයීම් ක්‍රමය හ`දුන්වා දී ඇත.
පාසලේ දී 10 වන ශ්‍රේණිය හා 11 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා ශිෂ්‍යයන් ද වාරයකට අවස්ථා කිහිපයක් ඇගයීමට ලක් කර සාධන මට්ටම් ප්‍රකාශ කළ යුතු වේ. මේ සදහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මග ින් හ`දුන්වා දී ඇති ඇගයීම් ක්‍රමයක් හා ඇගයීම් ප්‍රභේද රාශියක් ඇති අතර ඒවායින ් තාකෂණික විෂයයට ගැළපෙන ඇගයීම් ප්‍රභේද වඩාත් සුදුසු වන අතර අවශ්‍යතාවක් තිබේ නම් විෂයයේ නිප ුණතාවට (පාඩමට) ගැළපෙන සේ ඇගයීම් ප්‍රභේදයක් හා ඇගයීම් ශිල්පීය ක්‍රමයක් නිර්මාණය කර ගෙන ක්‍රියාත්මක කර ශිෂ්‍යයින් ඇගයීම් කිරීමට ගුරුභවතාට නිදහස ඇත. මෙම ඇගයීමේ දී වැදගත් වන්නේ විෂය භාර ගුරුභවතා විසින් සාධාරණ ව හා යුක්ති සහගත ව මෙම ඇගයීම් කටයුතු කිරිම වේ. ඒ අතර ශිෂ්‍යයන් ලබා ගත් ලකුණු ඔවුනට ලබා දී දුර්වලතා මගහැර ගැනීමට හා තවදුරටත් සංවර්ධනය කර ගත යුතු කරුණු පිළිබ`ද ව උපදෙස් ලබා දීම හා මග පෙන්වීම් කිරීම තුළින් ශිෂ්‍යයාගේ සාධන මට්ටම තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථා සැපයීමට රුකුලක් වේ.
වාර පරීක්ෂණ
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 'පාසල පදනම් කර ගත් ඇගයීම් (තක්සේරු) වැඩ පිළිවෙළ (6-13) ශ්‍රේණි' යන උපදෙස් සංග්‍රහයේ දැක්වෙන අන්දමට 10 හා 11 වන ශ්‍රේණිවල වාර අවසාන පරීකෂණ කළ හැකි ය. මෙහි දී ශිෂ්‍යයාට ලකුණු ප්රදානය කිරීමට ලිඛිත පරීකෂණයක් මගින් ලකුණු 50 ක් ද ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් ලකුණු 50 ක් ද ලබා දී අවසාන ලකුණු 100 කින් පෙන්වා දිය යුතු වේ. ලිඛිත පරීකෂණයේ දී 1 පත්‍රය ස`දහා බහුවරණ ප්‍රශ්න 20 ක් ලබා දිය යුතු අතර ඊට නියමිත ලකුණු ගණන 20 කි. 2 පත්‍රයට ප්‍රශ්න හතරක් ලබා දී ඉන් ප්‍රශ්න තුනකට පිළිතුරු සැපයීමට අවස්ථාව දිය යුතු අතර ඊට ලකුණු 30 ක් හිමි වේ. මෙම 2 වන ප්‍රශ්න පත්‍රයේ පළමු වන ප්රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක් වන අතර මෙම අනිවාර්ය ප්රශ්නය ඒ වාරය තුළ කරන ලද ඇගයීමක් ආශ්රයෙන් සකස් කළ යුතු වේ.
11 වන ශ්‍රේණිය අවසානයේ දී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පොදු විභාගයක් කිරීම තුළින් ඇගයීම සිදු කෙරේ. මෙම ඇගයීමේ දී ලිඛිත පිළිතුරු සඳහා ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන අතර, මෙම ප්‍රශ්න පත්‍රය 1 පත්‍රය හා 2 පත්‍රය යනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් යුක්ත වේ. 1 පත්‍රයට බහුවරණ ප්‍රශ්න 40 ක් ඇතුළත් කරන අතර ඊට ලකුණු 40 ක් ලබා දේ. 2 පත්‍රයට ප්‍රශ්න 07 ක් අඩංගු වන අතර එහි මුල් ප්රශ්නය අනිවාර්ය ප්රශ්නයකි. ඊට ලකුණු 20 ක් හිමි ය. 2 ප්‍රශ්න පත්‍රයේ පළමු ප්රශ්නය ඇතුළුව තවත් හතරකට පිළිතුරු ලිවීම කර ලකුණු 60 ක් ලබා ගත හැකි වේ. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරුවලට ලැබෙන ලකුණු ගණන 100 කි.